කටුනායක පොලිසියට එල්ල වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර 2008 සිට 2010 දක්වා සිවිල් ආරක්ෂක බලකායේ කටුනායක නගර ආරක්ෂක ඒකකයේ සේවය කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
දිවුලපිටියේ පදිංචි 41 හැවිරිදි මෙම පුද්ගලයා මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් දිවුලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31 ක් (ස්ඵටික මෙතම්ෆෙටමින්) සොයා ගත් බව කියනු ලැබේ.
සිද්ධිය අතරතුර පොලිස් නිලධාරියෙකුගෙන් පැහැරගත් බව කියන ගිනි අවිය මෙන්ම අඟහරුවාදා (15) පොලිස් නිලධාරීන් පිරිසකට මුහුණ දී පලා යන අතරතුර සැකකරු සොරකම් කළ බවට විශ්වාස කෙරෙන යතුරුපැදිය ද පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.


