Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ඔන්ලයින් ඉගැන්වීමේදී නිසි මාර්ගගත ක්‍රමයක්

ඔන්ලයින් ඉගැන්වීමේදී නිසි මාර්ගගත ක්‍රමයක්

මේවනවිට ක්‍රියාත්මක ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පාසැල් අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී සිසුන්ට හා ගුරුවරුන්ට මානසික පීඩනයන් එල්ල වන ආකාරයට විවිධ බලපෑම් කිරීමේ සිද්ධීන් වාර්තා වෙමින් ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

දරුවන්ට දරාගත නොහැකි ලෙස, කිසිඳු විවේක කාලයක් ලබා නොදී දවස පුරා පන්ති පැවැත්වීම හා ඇතැම් අවස්ථාවලදී උදෑසන සිට මධ්‍යම රාත්‍රිය දක්වා පන්ති පැවැත්වීම එම සිද්ධීන් අතරින් ප්‍රධානය.

සිසුන්ට නිල ඇඳුමෙන් සැරසී මාර්ගගත පාඩම් සිදුකරන ලෙස බලපෑම් කිරීම් සිදුවන බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේය.

මීට අමතරව ගුරුවරියන්ට සාරියකින් හෝ ඔසරියකින් හෝ සැරසී පාඩම්වලට සම්බන්ධ වන ලෙස දැනුම්දී ඇති බව ද සඳහන්ය.

ඒ අනුව මෙවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීමට විදුහල්පතිවරුන් හා නියෝජ්‍ය විදුහල්පතිවරුන් සැලකිලිමත්ව කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේය.

දරුවන්ට, ගුරුවරුන්ට හා මව්පියන්ට අනවශ්‍ය මානසික පීඩනයක් ඇති නොවන අයුරින් සුදුසු ගැලපෙන ඇඳුමකින් සැරසී උචිත කාල රාමුවකට අනුව අධ්‍යාපන කටයුතුවල නිරත වීමට උපදෙස් ලබාදෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

මේ අතර අන්තර්ජාල පහසුකම් සම්පූර්ණ කර ගැනීමට අඩි 40 ක් පමණ උසැති ගසක් මතට නැග ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගන්නා දරුවන් පිරිසක් කොළඹ – රත්නපුර දිස්ත්‍රික් මායිමේ පිහිටි වෑවල, කලටුවාව ගම්මානයෙන් වාර්තා වූයේ මේ අතරතුරයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *