Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක, අවිශ්ක ගුණවර්ධනට එරෙහි චෝදනා වලින් ඔහු නිෂ්ප්‍රභ කෙරේ

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක, අවිශ්ක ගුණවර්ධනට එරෙහි චෝදනා වලින් ඔහු නිෂ්ප්‍රභ කෙරේ
ඉන්දිය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය පැවැත්වෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබේ.
ඉන්දීය කණ්ඩායම ලබන ජූලි මස දිවයිනට පැමිණී නියමිත අතර එහිදී දෙරට අතර එක්දින තරග 3ක් සහ පන්දුවාර විස්ස තරග 3ක් පැවැත්විමට නියමිත.
දෙරට අතර එක්දින තරග 3 පිළිවෙළින් ජූලි මස 13, 16 සහ 19 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබේ.

විස්සයි විස්ස තරග 3 පිළිවෙළින් ජූලි මස 22, 24 සහ 27 වනදා පැවැත්වීමටසැලසුම් කර ඇත.

තරග පැවැත්වෙන ක්‍රිඩාංගණ මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත.

මෙම තරගාවලිය සදහා ඉන්දිය ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් එක් නොවන බව ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා තරග සංචාරය සදහා නවක ක්‍රීඩකයින්ගෙන් සමන්විත ඉන්දීය යොවුන් කණ්ඩායමක් එක්වනු ඇති.

මේ අතර ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු මෙන්ම පුහුණුකරුවෙකු ද වූ අවිශ්ක ගුණවර්ධනට එරෙහිව අන්තර් ක්‍රිකට් කවුන්සිලය විසින් එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන පනත යටතේ ගොණු කර තිබූ චෝදනාවලින් ඔහු නිදහස් කර ඇත.

ඒ, ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් හමුවේ කළ දීර්ඝ විභාගයකින් අනතුරුවයි.

අවිශ්ක ගුණවර්ධනට එරෙහිව චෝදනා දෙකක් එල්ල වූ අතර ඔහු එම චෝදනාවලින් ඒකමතිකව නිදහස් කිරීමට එම විනිශ්චය සභාව තීරණය කර ඇත.

ඒ අනුව වසර 3කට අධික කාලයක් තාවකාලික ක්‍රිකට් තහනමකට ලක්ව සිටි අවිශ්ක ගුණවර්ධණට යළි ක්‍රිකට් ක්‍රීඩාව හා එක්වීමට හැකියාව ලැබී ඇත.

අදාළ පනත යටතේ ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාට එරෙහිව ද චෝදනා 4ක් ගොණු කර තිබුණි.

ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාව විසින් ඉන් එක් චෝදනාවක් තහවුරු කර ඇති අතර, සෙසු චෝදනා 3 නිශ්ප්‍රභ කර තිබේ.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සදහන් කළේ සවිස්තරාත්මක තීරණය ඉදිරියේ දී අදාළ පාර්ශව වෙත දැනුම් දෙන බවයි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසාට වසර 6ක ක්‍රිකට් තහනමක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මීට පෙර පියවර ගන්නා ලදි.

ඒ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂන මර්දන පනතෙහි වගන්ති 3ක් උල්ලංඝනය කිරීම හේතුවෙනි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *