ඉදිරි මැතිවරණයට ඉදිරිපත් විය යුත්තේ අලියා ලකුණින්මයි – අකිල

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුත්තේ අලියා ලකුණින්ම බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ හා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතර කැමැත්ත අනුවත් එසේ කළයුතු බවටයි ඔහු අවධාරණය කරන්නේ.

කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පත් කළ නාමයෝජනා මණ්ඩලය විසින් ඉදිරි මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවන බව ද මහලේකම්වරයා විසින් ප්‍රකාශ කළේය. ඔහු මෙම අදහස් පළ කර සිටියේ ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වැඩි දුරටත් ඔහු මෙසේ පවසා සිටියා.

“එක්සත් ජාතික පක්ෂය මීළග මැතිවරණය සඳහා ඉදිරිපත් වීම සදහා නාමයෝජනා කැදවීමට නියමිතව තිබෙනවා. මෙවර මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා උගතුන්, වියතුන්, බුද්ධිමතුන්ට, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තිකයන්ට ඒ සදහා අයදුම්පත් යොමුකළ හැකියි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *