ඇමරිකා ජනපති අනුරට සුබ පතයි

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්  මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.

ඒ සිය X ගිණුමේ සටහනක් තබමිනි.

“ශ්‍රී ලංකා වාසීන් විසින් ඔබ ඔවුන්ගේ ජනාධිපතිවරයා ලෙස නිදහස්, සාධාරණ සහ සාමකාමී මැතිවරණයකින් තෝරාගෙන තිබේ.”

“ඔවුන් ඉන් අභිමානයට පත්වන බව නොඅනුමානය.”

“ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය සඳහා ඔබ සමග කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.” යනුවෙන් අමෙරිකා ජනාධිපතිවරයා සිය X පණිවුඩයේ සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *