Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ආණ්ඩුවේ මැති ඇමතිවරු 48ක් රනිල්ට සහාය දිම ගැන සාකච්ඡා දෙකක්

ආණ්ඩුවේ මැති ඇමතිවරු 48ක් රනිල්ට සහාය දිම ගැන සාකච්ඡා දෙකක්

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනෙකු කොළඹදී ස්ථාන දෙකකදී හමුවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීම සම්බන්ධයෙන්  විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ආණ්ඩු නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් 30 දෙනෙකු කොළඹ මල්පාරේදී හමුවී සාකච්ඡා කර ඇති අතර  ආණ්ඩුවේ   පසුපෙළ මන්ත්‍රීවරුන් 18 දෙනෙකු  තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයක හමුවී  සාකච්ඡා පවත්වා පවත්වා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ⁣ඉදිර ජනාධිපතිවරණයට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් කළහොත් ඇතිවන තත්ත්වයන් සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශවයම දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයිද වාර්තාවේ.

එමෙන්ම මෙහිදී  දෙපාර්දෙපාර්ශවයේම අවසන් එකඟතාව යවී ඇත්තේ මේ මොහොතේදී තම සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමටයි.

ඒ අනුව ⁣ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම,දේශපාලන කාර්යාලය පිහිටුවීම,ජන්දපොළ නියෝජිතයන් පත්කිරීම, මාධ්‍ය කටයුතු සිදුකිරීම වැනි කරුණු  සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශවයේම වැඩි අවධානය යොමුව ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල සහය ජනාධිපතිවරයාට ලබාගැනීම සම්බන්ධයෙන් පුළුල් වැඩ පිළිවෙලක් සැකසීම පිළිබඳවද මෙහිදී දීර්ඝව සාකච්ඡා වී ඇති බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ඊට අමතරව රජය විසින් දැනට ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති ඇතුළු රජයේ ව්‍යාපෘති සමඟ ජනතාව දැනුවත් කිරීම ඡන්ද කොට්ඨාස මට්ටමින් විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවී ඇති බවද වාර්තාවේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *