Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

අගරදගුරුතුමන්ගේ ඉල්ලීම නොපමාව ඉටු කරන බව ගෝඨා කියයි

අගරදගුරුතුමන්ගේ ඉල්ලීම නොපමාව ඉටු කරන බව ගෝඨා කියයි

මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් තම රජයක් යටතේ ස්වාධීන කොමිසමක් පත් කර ඒ සඳහා කුමන්ත්‍රණය කළ අය, සංවිධානයක කළ අය, ඊට අනුග්‍රහය දැක්වූ අය, වගකීම් පැහැර හැර සිය රාජකාරිය ඉටු නොකළ අය, සැකකරුවන් අත්අඩංගුවට නොගෙන හෝ ගෙන නිදහස් කළ අය සෙවීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සහ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කතෝලික රදගුරු මණ්ඩලය සහ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් 2019 අප්‍රෙල් 21 වැනිදා පාස්කු ඉරිදා සිදුවූ ව්‍යසනය සම්බන්ධයෙන් නිකුත්කර තිබූ නිවේදනය කෙරෙහි තමාගේ අවධානය යොමු කළ බවත් මුළු රටම කම්පනයට පත් කරමින් අහිංසක ජනතාව මරුමුවට හා අති බිහිසුණු ලෙස තුවාල සිදු කරමින් පාස්කු ඉරිදා සිදුවූ මෙම කුරිරු ත්‍රස්ත ප්‍රහාරය නිසා මිය ගිය අයගේ ඥාතීන් සහ පීඩනයට පත්වී ඇති ජනතාවගේ ඉල්ලීම තවමත් ඉටු නොවීම නිසා උන්වහන්සේ පත්වී ඇති අපහසුතාව සහ පීඩනය තමන්ට තේරුම් ගත හැකි බවත් ඒ මහතා එම නිවේදනයේ සඳහන් කර තිබේ.

සියලු වැරදිකරුවන් නීතියේ අධිපත්‍යය යටතට ගෙනඒමට බලයත් ජනතා අධිකාරී බලයක් ඇති ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන ලෙස කාදිනල් හිමියන් ඉල්ලා ඇති බවත් අගරදගුරු හිමිපාණන් මෙම ඉල්ලීම කරනු ලබන්නේ පීඩනයට පත් සිය කතෝලික ජනතාව සම්බන්ධයෙන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ හිත සුව පිණිස බව තමන් තරයේ විශ්වාස කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එපමණක් නොව මෙවැනි ව්‍යසනයක් ඉදිරියේදී ඇති නොවීමට වගබලා ගන්නා ලෙසද අගරදගුරු හිමිපාණන් මෙම ඉල්ලීම මගින් අවධාරණය කර තිබේ.

රට තුළ තිබූ අවුරුදු 30ක කුරිරු ත්‍රස්තවාදය අවුරුදු 3ක් තුළ අවසන් කිරීමට මූලිකවම දායක වූ තමන් ද මෙම කරුණ හොඳින් වටහා ගෙන ඇති අතර රජයෙන් ඉල්ලා සිටිනු ලබන්නේ අති උතුම් කාදිනල් හිමිපාණන් විසින් කලක් තිස්සේ කරනු ලබන මෙම සාධාරණ ඉල්ලීම ඉටු කරන ලෙස බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිවේදනයේ සඳහන් කර ඇත.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන ලෙස කර ඇති සාධාරණ ඉල්ලීම ඉදිරියේදී සිය රජයක් බලයට පත්වූ විට නොපමාව ඉටු කිරීමට පමණක් නොව මේ රටේ සමස්ථ ජනතාවටම ත්‍රස්තවාදයෙන් හා අන්තවාදයෙන් තොර රටක් තුළ බිය සැක නොමැතිව නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබා දෙන බවද ඉඳුරාම ප්‍රකාශ කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් සඳහන් කර තිබේ.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *