LK reports news sinhala

සිංහල ව්‍යාපාර බිඳ වැටීමට හේතු කියයි

වත්මන් සමාජය තුළ සිංහල ව්‍යාපාර බිඳ වැටීමට මූලික හේතුව සුහදත්වය නොමැති වීම බව මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති. ඒ හිමියෝ මේ බව පැවසුවේ කළගෙඩිහේන එක්සත් වෙළෙඳ සංගමය අද පෙරවරුවේ සංවිධාන කර තිබූ උත්සවයකට එක්වෙමිනි.

රටක් විදිහට පොහොසත් නොවීමට හේතුව සම්පත් අහිමි කර ගැනීම බවත් පැවසූ උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ අප වරාය සල්ලි බවට පත් කරනවිට චීනා සල්ලි වරාය බවට පත් කරන බවයි.

“සල්ලි ඇරන් ඇවිත් සම්පතක් බවට පත් කරගත්තාම ලෝකෙ කොහේ හිටියත් පෝසත් වෙන්න පුළුවන් කියලා චීනා දන්න හින්දා තමයි එහෙන් සල්ලි ඇරන් ඇවිත් වරාය ඇරගෙන සල්ලි වරාය බවට පත් කළේ. අපි වරාය සල්ලි බවට පත් කරනකොට චීනා සල්ලි වරාය බවට පත් කරනවා. අපි සම්පත් ආරක්ෂා කරගෙන අපේ ව්‍යාපාර කටයුතු කරන්න ඕනෑ. ව්‍යාපාරය දරුවන්ට භාර දීලා ව්‍යාපාරය කෑලිවලට කැඩුව ගමන් බඩු ඉතුරු වෙන්නේ නෑ. මුට්ටි බිඳලා වළං කෑලි ගත්තාට වැඩක් තියෙනවාද?” යනුවෙන් ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ එහිදී ප්‍රකාශ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *