ඉකුත් වසරේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට දරුණු ලෙස තර්ජනයක් වූ සේනා දළඹු උවදුර නැවතත් දිවයිනේ ප්‍රදේශ රැසක ව්‍යාප්ත වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.
මෙම දළඹු උවදුරේ ව්‍යාප්තිය බදුල්ල, මොනරාගල, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල පැහැදිලිව හදුනා ගත හැකි බවට තොරතුරු වාර්තා වේ. බඩ ඉරිගු වගාවට අමතරව සේනා දළඹු ව්‍යාප්තිය සෙසු වගාවන් වෙත නැඹුරු වීමේ අවදානමක් ද පවතින බවයි ගොවි ජනතාව පවසා සිටින්නේ. ගොවි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ පසුගිය කන්නයේදී බඩ ඉරිගු ගොවින්ගේ අස්වැන්න විනාශ කර දැමූ සේනා දළඹු ව්‍යාප්තිය නැවත ඇති වීමට ඉඩ නොදෙන ලෙසයි.


