එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ “දේශීයව නිෂ්පාදිත ආහාර මත පදනම් වූ පාසල් ආහාර වැඩසටහනට” සහභාගි වන ගොවීන් සහ පාසල් ආහාර සැපයුම්කරුවන් සඳහා රුපියල් මිලියන 22කට ආසන්න වටිනාකමකින් යුත් කෘෂිකාර්මික උපකරණ ලබාදී තිබේ.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය සමඟ එක්ව ලබාදුන් මෙම උපකරණ අතර ජල ටැංකි, උද්‍යාන ජල නළ, ඉසින යන්ත්‍ර, භාණ්ඩ ප්‍රවාහන පෙට්ටි සහ වැටවල් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් වේ.
දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ආහාර වැඩසටහනට සහාය වීම මෙම උපකරණ ලබාදීමේ අරමුණ වී තිබේ.
ලෝක ආහාර වැඩසටහන හරහා මයිකල් කෝර්ස් ආයතනයේ මූල්‍ය සහායෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් පාසල් දේශීය ආහාර නිෂ්පාදකයන් සමඟ සම්බන්ධ කරමින් ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපායන්ට සහාය ලබාදෙන අතර, විශේෂයෙන් කාන්තාවන්ගේ ජීවනෝපායන් ශක්තිමත් කිරීමටද අවධානය යොමු කරයි.
නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ පුළුල් කිරීම සඳහා ලෝක ආහාර වැඩසටහන විසින් මේ වන විට රුපියල් මිලියන 92කට වැඩි මුදලක් ආයෝජනය කර ඇති බව එම සංවිධානය සඳහන් කරයි.


