හැටන් පොල්පිටියේ නායයෑම – මියගිය සංඛ්‍යාව 4ක් දක්වා ඉහළට

 

හැටන්, පොල්පිටිය, මොරහේනගම ප්‍රදේශයේ නිවසක් මත පස් බැම්මක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම සිරුරු සොයාගැනීමත් සමඟ අනතුරින් මියගිය සංඛ්‍යාව සිව්දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පස් බැම්ම නිවස මතට කඩා වැටීමෙන් පසු අතුරුදන් වූ පුද්ගලයන් සොයා සෝදිසි හා මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *