වලාන මධ්‍යම උප වර්ජන මර්දන බළකාය විසින් තලවතුගොඩ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන වෙත සිදුකළ වැටලීම් මාලාවකින් පුද්ගලයින් 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩම් අනාවරණය කරගත් මෙහෙයුමේදී ආයතන 9ක් ඉලක්ක කර ගෙන ඇත.
වැටලීම්වලදී කාන්තාවන් 34 දෙනෙකු ඇතුළු 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පරීක්ෂණ දිගටම කරගෙන යනවා.


