Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ බටහිර මුහුදු තීරයේදී ඒකාබද්ධ නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වෙමින් සිය නිල සංචාරය සාර්ථකව නිමා කළ ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට (1TS) අයත් නෞකා ත්‍රිත්වය ඊයේ (29) දිවයිනෙන් පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනය කළ අන්දමට, ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS තීර්’ (INS Tir), ‘INS සුජාතා’ (INS Sujata) සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් ‘ICGS සාරති’ (ICGS Sarathi) යන නෞකා ත්‍රිත්වය මෙරට රැඳී සිටි කාලසීමාව තුළ දෙරටේ නාවික හමුදා අතර සහයෝගීතාව වර්ධනය කිරීම අරමුණු කරගත් වෘත්තීය සහ මෙහෙයුම් ක්‍රියාකාරකම් මාලාවකට එක්විය.

මෙම සංචාරයට එක්වූ ඉන්දීය නාවික හමුදා නිලධාරීන් සහ ආධුනික පුහුණුලාභී නිලධාරීන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වෘත්තීය දැනුම හුවමාරු කරගැනීමේ වැඩසටහන්, මෙහෙයුම් නිරීක්ෂණ චාරිකා මෙන්ම සුහද ක්‍රීඩා තරග රැසක්ද පැවැත්විණි.

මීට අමතරව, දෙරටේ නාවික හමුදා එක්ව සිදුකළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම් එක්ව ඉදිරිපත් කළ ඒකාබද්ධ සංගීත ප්‍රසංගයක්ද මෙම සංචාරයට ඇතුළත් වූ අතර, ඉන්දීය නාවික පිරිස මෙරට ඓතිහාසික හා සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයකද චාරිකා කළහ.

‘නන්දිමිත්‍ර’ සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසය

සංචාරය නිමවා ආපසු පිටත්ව යාමට සමගාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ශ්‍රීලංනැවු නන්දිමිත්‍ර’ නෞකාව සහ P 492 දරන වේග ප්‍රහාරක යාත්‍රාව සමඟ එක්ව බටහිර මුහුදු තීරයේදී විශේෂ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් (Passage Exercise – PASSEX) පවත්වන ලදී.

දෙරටේ නාවික හමුදා අතර සන්නිවේදන ශිල්පීය ක්‍රම, නාවික ගමන් මාර්ග සම්බන්ධීකරණය සහ ඒකාබද්ධ මෙහෙයුම් හැකියාවන් ඔප්නංවා ගැනීම මෙම අභ්‍යාසයේ මූලික අරමුණ විය.

මෙවැනි නිල සංචාර සහ ඒකාබද්ධ නාවික අභ්‍යාස පැවැත්වීම හරහා දෙරට අතර සාගරික සහයෝගීතාව පුළුල් වන අතරම, වෘත්තීය විශේෂඥතාව බෙදාගැනීමටත්, ඉන්දියන් සාගර කලාපයේ පවතින පොදු සාගරික අභියෝගයන්ට සාමූහිකව මුහුණදීමට ඇති හැකියාව තවදුරටත් ශක්තිමත් වන බවත් ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුරටත් අවධාරණය කරයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *