Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
“රජයේ ගිවිසුම් අංකය නැති ලිහිසි තෙල් ගන්න එපා”: අනවසර ලිහිසි තෙල් තොග පිටින් අල්ලද්දී පාරිභෝගික අධිකාරියෙන් අවවාදයක්බැංකු පොලිය, වාහන, වෘත්තිකයන් සහ ඩිජිටල් සේවා බදු: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිරකළ බදු ප්‍රතිපත්ති ගැන මානව හිමිකම් කේන්ද්‍රයෙන් විශේෂ ප්‍රකාශයක්වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපති
ප්‍රවෘත්ති

CRIB එකේ නම තිබ්බත් ණය ලබාගත හැකියි – ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂ

CRIB එකේ නම තිබ්බත් ණය ලබාගත හැකියි – ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂ

ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) වාර්තාවල නම සටහන්වීම නිසා යම් මූල්‍ය ආයතනයක් ණය ලබා නොදන්නේ නම් ඒ බව ණය තොරතුරු කාර්යාංශයට දැනුම් දෙන ලෙස එම කාර්යාංශයේ අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරී නන්දිමිත්‍ර ඇන්තනී මහතා නිවේදනය කර සිටිනවා.

එසේම ණය තොරතුරු කාර්යාංශය මගින් ණය නොගෙවීම හේතුවෙන් කිසිදු පුද්ගලයකු අසාදු ලේඛනගත නොකරන බවත් අවධාරණය කර සිටි ඒ මහතා මෙසේද ප්‍රකාශ කර සිටියා.

‘‘යම් පුද්ගලයෙක් ණයක් ගන්න ගියාම ණය දෙන ආයතනයක් කියනවනම් තමන්ගෙ නම ණය තොරතුරු කාර්යාංශයේ තියෙන නිසා ණය දෙන්න බැහැ කියලා, අපි ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එහෙම කියන්න බැහැ. ණය දීමේ තීරණය සම්පූර්ණයෙන්ම තියෙන්නේ එම ණය ලබාදෙන ආයතන මතයි. තමන්ගේ නම ක්‍රිබ් එකේ තියෙන නිසා ණය දෙන්න බැහැ කියලා කියනවනම් අපිට කතා කරන්න. ණය තොරතුරු කාර්යාංශය වෙත පැමිණෙන්න. සතියේ දිනෙක ඇවිත් අපිට කතා කරන්න පුළුවන්.

ණය තොරතුරු කාර්යාංශය තොරතුරු එක්රැස් කරලා ණය දෙන ආයතන වෙත වාර්තා වශයෙන් ලබාදෙන ආයතනයක් පමණයි. මෙයාට ණය දෙන්න, මෙයාට ණය දෙන්න එපා කියලා අපේ වාර්තාවලින් කිසිම තීරණයක් ලබාදෙන්න බැහැ. අපි කිසිම පුද්ගලයෙක් අසාදු ලේඛනගත කරන්නේ නැහැ. යම්කිසි ගෙවීමක් කළාට පස්සේ මාසෙ අන්තිමට තමයි ඒ තොරතුරු යාවත්කාලීන වෙන්නෙ. මාස අන්තිමට එම ගෙවීම් යාවත්කාලීන වෙලා නැතිනම් අපේ කාර්යාංශය වෙත පැමිණ පූර්ණ නිරාකරණය කරගන්න පුළුවන්.’’ යැයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටී.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *