Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානිරට පුරා සියලුම පොලිස් ස්ථාන සඳහා CCTV කැමරා පද්ධති සවි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් කරයිරවීණ නීතිඥ ලාල් විජේනායක මහතාගේ අභාවය වෙනුවෙන් හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගෙන් ගෞරවණීය උපහාරයක්
ප්‍රවෘත්ති

CRIB එකේ නම තිබ්බත් ණය ලබාගත හැකියි – ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂ

CRIB එකේ නම තිබ්බත් ණය ලබාගත හැකියි – ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂ

ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) වාර්තාවල නම සටහන්වීම නිසා යම් මූල්‍ය ආයතනයක් ණය ලබා නොදන්නේ නම් ඒ බව ණය තොරතුරු කාර්යාංශයට දැනුම් දෙන ලෙස එම කාර්යාංශයේ අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරී නන්දිමිත්‍ර ඇන්තනී මහතා නිවේදනය කර සිටිනවා.

එසේම ණය තොරතුරු කාර්යාංශය මගින් ණය නොගෙවීම හේතුවෙන් කිසිදු පුද්ගලයකු අසාදු ලේඛනගත නොකරන බවත් අවධාරණය කර සිටි ඒ මහතා මෙසේද ප්‍රකාශ කර සිටියා.

‘‘යම් පුද්ගලයෙක් ණයක් ගන්න ගියාම ණය දෙන ආයතනයක් කියනවනම් තමන්ගෙ නම ණය තොරතුරු කාර්යාංශයේ තියෙන නිසා ණය දෙන්න බැහැ කියලා, අපි ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එහෙම කියන්න බැහැ. ණය දීමේ තීරණය සම්පූර්ණයෙන්ම තියෙන්නේ එම ණය ලබාදෙන ආයතන මතයි. තමන්ගේ නම ක්‍රිබ් එකේ තියෙන නිසා ණය දෙන්න බැහැ කියලා කියනවනම් අපිට කතා කරන්න. ණය තොරතුරු කාර්යාංශය වෙත පැමිණෙන්න. සතියේ දිනෙක ඇවිත් අපිට කතා කරන්න පුළුවන්.

ණය තොරතුරු කාර්යාංශය තොරතුරු එක්රැස් කරලා ණය දෙන ආයතන වෙත වාර්තා වශයෙන් ලබාදෙන ආයතනයක් පමණයි. මෙයාට ණය දෙන්න, මෙයාට ණය දෙන්න එපා කියලා අපේ වාර්තාවලින් කිසිම තීරණයක් ලබාදෙන්න බැහැ. අපි කිසිම පුද්ගලයෙක් අසාදු ලේඛනගත කරන්නේ නැහැ. යම්කිසි ගෙවීමක් කළාට පස්සේ මාසෙ අන්තිමට තමයි ඒ තොරතුරු යාවත්කාලීන වෙන්නෙ. මාස අන්තිමට එම ගෙවීම් යාවත්කාලීන වෙලා නැතිනම් අපේ කාර්යාංශය වෙත පැමිණ පූර්ණ නිරාකරණය කරගන්න පුළුවන්.’’ යැයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටී.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *