පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අගෝස්තු 10 සිට යළි ආරම්භ කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු අගෝස්තු 10 වැනිදා සිට යළි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල පරිපාලනය නිවේදනය කර තිබේ.

ඒ අනුව එදින සිට අධ්‍යයන කටයුතු ආරක්ෂිතව සහ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කර ඇති බව උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සඳහන් කළේය.

විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටින සිසුන්ට අගෝස්තු 9 වැනිදා සිට යළි නේවාසිකාගාර වෙත පැමිණීමට අවසර ලබාදී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *