රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ්‍රිපාදස්ථාණාධිපති ඌව වෙල්ලස්ස ව්ශ්ව ව්ද්‍යාලයේ කුලපති රතනපුර මහා දිසාවේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසුහ.
එසේ නොමතිව අවාරයේ සිරිපා වන්දනා කිරිම සුදුසු නොවෙන බව ද ධම්මදින්න නාහිමියෝ පැවසුහ.
2024/2025 ශ්‍රී පාද වන්දනා වාරය අවසන් කිරිමේ චාරිත්රනුකුල ආගමික උත්සවය සංවිධානය කිරිම ගැන රතනපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍ය්ලයේ පසුගියදා පැවති සාකච්ඡාවකදි උන් වහන්සේ මේ බව සදහන් කළහ.
මෙවර 2024, සහ 2025 ශ්‍රිපාද වන්දනාවාරය අවසන් කරමින් සධාතුක කරඬුව හා සමන් දේව ප්‍රතිමාව රැගත් රිය පෙරහර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙන් පසුදින අති උතුම් ගෞතම ශ්‍රී පාදස්ථානයේ සිට පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරය වෙත වැඩම කරවීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවත්විණ.
ශ්‍රිපාද වන්දනාවාරය සිදු නොවෙන මාස හයක කාලය එළඹෙණ වෙසක් පුර පොහොදා සිට ආරම්භ වේ.
එම අවාරයේ ඇතැම් පුද්ගලයන් ශ්‍රී පාදය වෙත පැමිණීම පිළිබඳ විශේෂ අවධානයක් මෙම සාකච්ඡවේදි යොමුවිය.
ඒ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියන් පැවසූවේ ශ්‍රී පාද වන්දනා වාරය සෑම වර්ෂයකම දෙසැම්බර් මස යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහෝ දින ආරම්භ වී ඊළග වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පොහොය දින දක්වා පැවැත්වෙන බවයි.
සෑම වසරකම වෙසක් පොහොය දිනෙන් පසු එම වර්ෂයේ එළඹෙන දෙසැම්බර් මස පොහොය දිනය දක්වා ශ්‍රී පාද වන්දනාවේ අවාරය ලෙස දුරාතිතයේ පටන් පැවතගෙන එන බවයි.