කතානායකගෙන් අගමැතිනියට – විපක්ෂ නායකට ලිපියක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත  ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම්  කරන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා  අගමැතිවරියට සහ විපක්ෂ නායකවරයාට ලිපියකින් දැනුම් දී ඇත.

ස්ථාවර නියෝග අනුව, එම චෝදනා විමර්ශන කරන කමිටුවට අගමැතිවරියගේ සහ විපක්ෂ නායකවරයාගේ පූර්ණ එකඟත්වයෙන්ද සාමාජිකයකු පත් කළ යුතුව ඇත.

මෙයට අමතරව මෙම කමිටුවට  අගවිනිසුරුවරයා  විසින්  සාමාජිකයෙකු පත් කරනු ලැබිය යුතු වන අතර  කමිටුවට පත් කෙරෙන අනෙක් සාමාජිකයා වන්නේ පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයාය.

මෙම කමිටුව ඉදිරි දින කිහිපයේදී පත්කෙරුණු  ඇතැයි   පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *