’’ජනපතිගේ කතාව ඡන්දෙට හොඳ නෑ’’

ජාතික ජන බලවේගය පිහිටවන පළාත් පාලන ආයතන වලට අත දිග හැර මුදල් දෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දේශපාලන රැස්වීම් දෙකකදී කරන ලද ප්‍රකාශයෙන් යම් දේශපාලන ප්‍රවර්ධනයක් සිදුවන හෙයින් එවැනි ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යැවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා  පැවසීය.

මෙම ලිපිය යවා ඇත්තේ පෙරේදා(12) දිනයේය.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිසමට කළ පැමිණිලි පදනම් කරගෙන මෙම ලිපිය යොමු කළ බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමපනතේ 92සී( අනිසි බලපෑම්) සහ 82 ඩී ( උපරිම වාසි පොරොන්දු දීමනා) වගන්තිවල පැහැදිලිව නීති උල්ලංඝනයක් වන බව නිරීක්ෂණ සංවිධාන පෙන්වා දී ඇත.

ජනාධිපතිවරයා කන්තලේ සහ මන්නාරමේ පැවති දේශපාලන රැස්වීම් අමතමින් ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගය පිහිටුවන පළාත් පාලන ආයතන වලට අත දිගහැර මුදල් ලබා දෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *