ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.

මේ අලුත් අවුරුද්ද සමරන අවස්ථාවේ  රටේ දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාව දුෂ්කරතා අගහිඟතා රැසකින් පෙළෙන බව කී සජිත් ප්‍රේමදාස මහතා  බලාපොරොත්තු රැසක් මැද ආණ්ඩුව පත් කර ගත්තත් කියපු දේ නොකරන ජනතාව රවටන ජනතාව අන්දවන බොරුකාර රැවටිලිකාර පච ආණ්ඩුවක් බවට වාර්තා තබා ඇතැයි සඳහන් කළේය.

බඩු මිල අඩු කරන පොරොන්දුව කඩ කළ නිසා හාල් කිරිපිටි අත්‍යවශ්‍ය ආහාර පාන වල මිල ඉහළ ගොස් ඇති බව විපක්ෂ නායකවරයා පැවසීය.

මැතිවරණ වේදිකාවේ මන්තරය වගේ බොරුව ජප කළ බවත් දැනුත් පච කියමින් නැවත වරක් ජනතාව රවටන්න සූදානම් බවත්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ ජය තහවුරු කිරීම සඳහා මින්නේරිය, ඇලහැර දී මෙම ජනරැළිය පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *