ආසියාවේ පළමුවැනියා වෙමින් බ්‍රැඩ්මන්ට සම වූ කමිඳු

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ආසියානු ක්‍රිඩකයෙක් විසින් වේගයෙන්ම සිය පස්වැනි ටෙසට් ශතකය ලබාගත් පිතිකරුවා ලෙස ශ්‍රි ලංකාවේ කමිඳු මෙන්ඩිස් අද වාර්තා අතරට එක්විය.

ඒ නවසීලන්තය සමගින් ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදීය. මේ අනුව කමිදු ටෙස්ට් ඉනිම් 13ක් තුළදී සිය පස්වැනි ටෙස්ට් ශතකයට ළඟා විය.

කමිඳුට පෙර ෆාවඩ් අලාම් ආසියාව වෙනුවෙන් මෙම වාර්තාව පිහිටුවා තිබුණි. ඔස්ට්‍රේලියාවේ දොන් බ්‍රැඩ්මන්ද සිය 5 වැනි ටෙස්ට් ශතකය ඉනිම 13ක් තුළ රැස්කර තිබුණි.

එවර්ටන් වීක්ස් (කොදෙව්  – ඉනිම් 10), එන්. හාර්වි (ඔස්ට්‍රේලියා – ඉනිම 12) යන ක්‍රිඩකයන් මෙම සටහනේ ඉදිරියෙන් පසුවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *