Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

සයිබර් වහල් කඳවුරක සිරවී සිටින ලාංකිකයන් බේරා ගන්නා ලෙස ශ්‍රී ලංකාව මියන්මාරයෙන් ඉල්ලා සිටී

සයිබර් වහල් කඳවුරක සිරවී සිටින ලාංකිකයන් බේරා ගන්නා ලෙස ශ්‍රී ලංකාව මියන්මාරයෙන් ඉල්ලා සිටී

මියන්මාරයේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කරන සයිබර් අපරාධ ප්‍රදේශයේ කඳවුරක බලහත්කාර අපරාධ ක්‍රියාකාරකම් සඳහා වහල්භාවයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිස මුදා ගැනීමට පහසුකම් සපයන ලෙස ශ්‍රී ලංකාව මියන්මාරයෙන් ඉල්ලා තිබේ.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තායිලන්තයට ගෙන්වාගෙන ඔවුන් මියන්මාරයේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කරන සයිබර් අපරාධ ප්‍රදේශයේ කඳවුරක සිරකර තබාගෙන සිටි බව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී වාර්තා විය. මෙම වසරේ අප්‍රේල් මාසයේදී මෙම සයිබර් වංචාවෙන් මුදාගත් ශ්‍රී ලාංකිකයන් අට දෙනෙකු ආරක්ෂිතව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලදී.

ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මියන්මාර අගමැති මින් අවුන්ග් හ්ලේන්ග් මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවී සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන් මුදාගැනීම සඳහා සහාය ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහ මෙම ගැටලුව විසඳීමට ප්‍රමුඛත්වය දීමට මියන්මාර රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

බිම්ස්ටෙක් ජාතික ආරක්ෂක ප්‍රධානීන්ගේ 4 වන රැස්වීමට සමගාමීව ආරක්ෂක ලේකම්වරයා මියන්මාර අග්‍රාමාත්‍යවරයා හමුවිය. මෙම හමුවේදී දෙරට අතර මිත්‍ර සබඳතා, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ ආගමික කටයුතු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාව, අභ්‍යාසලාභීන් හුවමාරු කර ගැනීම සහ සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ.

ආරක්‍ෂක ලේකම්වරයා සමග මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රභාෂිනී පොන්නම්පෙරුම මහත්මිය සහ ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ සිට විංග් කමාන්ඩර් නුවන් මැදගම මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *