ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සැකසීමේ වෙනසක්

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග පාසල් පැවැත්වීමට බාධා එල්ලවීම හේතුවෙන් ඉදිරි විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයන් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සැකසීම සම්බන්ධයෙනි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන මහතා,

“පාසල් වහන්නේ නෑ..වහන්න විදිහක් නෑ. විභාග තියා ගන්න ඕනේ. ලොකු ප්‍රශ්නයක් ආවොත් තමයි ගැටලුවක් වෙන්නේ. ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඉදිරියේදී නිකුත් කරනවා ශිෂ්‍යත්ව විභාගයට මෙන්න මේ විෂය කරුණු තමයි ඇගයීමට ලක්වෙන්නේ කියලා චක්‍රලේඛයකින්. දැනටමත් ගණනය කරලා තියෙන්නේ. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පිළිබඳවත් අධ්‍යයනය කරමින් පවතිනවා. ඒ කමිටුවලින් ලැබෙන නිර්දේශ අනුව දැනුවත් කිරීම් ළලමයින්ට කරන්න බලාපොරොත්තු වෙනවා. ලිහිල් කිරීමක් නෙමෙයි. මෙන්න මේ විෂය කොටස් ඇගයීමට ලක්වෙනවා කියලා.”

11 ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා වූ පාසල් සිසුන්ගෙන් සියයට 73ක ප්‍රතිශතයකට කොවිඩ් එන්නත ලබාදී අවසන් බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *