මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලකට වෙඩි ප්‍රහාරයක් එල්ල වන අවස්ථාවේ එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. ඒ රාජකාරී පැහැර හැරීමේ චෝදනාව මතයි. වැඩ තහනම් කර ඇති බවයි.
මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලකට පසුගියදා කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කළ අතර එම ප්‍රහාරයෙන් අනතුරුව එම අවන්හලේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා තිබුණි. එසේ ආරක්ෂාව යොදවා තිබියදීත් ඊයේ අළුයම මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් එම අවන්හලට වෙඩි තබා පලාගොස් තිබුණි.
මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ එම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ අදාල පොලිස් නිලධාරීන් තිදෙනා සිය රාජකාරී කටයුතු පැහැර හැර ඇති බවයි. ඒ අනුව ගල්කිස්ස පොලිසියට අනුයුක්තව සේවය කරන අදාල නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ.