රජයේ වෙබ් අඩවි දෙකකට LTTE හිතවාදී පාර්ශවයකින් සයිබර් ප්‍රහාරයක්

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කලේ එම සයිබර් ප්‍රහාරය එල්ල කිරිමෙන් පසු ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියොජතායතනය වෙත දැනුම් දීමට පියවර ගනු ලැබූ බවයි.

එල්.ටී.ටී.ඊ. හිතවාදී ටැමිල් ඊලාම් සයිබර් ෆෝස් නැමති කණ්ඩායමක් විසින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *