5 ශ්රේණියේ විභාග ප්රතිඵල මේ මාසයේ නිකුත් කිරීමට සැලසුම්…

2022 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාග ප්රතිඵල මේ මස ඇතුළත නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
පිළිතුරු පත්ර ඇගයීම් කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර ඉදිරි දින කිහිපය තුළ එය අවසන් කිරීමට හැකිවනු ඇති බව ඔවුන් ප්රකාශ කළා.
විභාගය දෙසැම්බර් 18 වැනි දින රට පුරා විභාග මධ්යස්ථාන 2,894කදී පැවැත්විණි.
