චන්ද්‍රගුප්තගේ වැඩේට ඉන්ද්‍රනාථ විරුද්ධ වෙයි – සොහොයුරාගෙන් පාඩමක්

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි දේශපාලන ප්‍රවාහයක ඉත්තෙකු වී ඇතැයි ඔහුගේ සහෝදරයකු වන ඉන්ද්‍රනාථ තේනුවර මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

“මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා මේ කරපු කාර්යම මීට දවස් ගණනාවකට කලින් කරන්න තිබුණා. එහෙම කරානම් එතුමා මගේ වීරයෙක්. අන්තිම මොහොතේ කළ දේ සදාචාරාත්මක නැහැ.
ජනාධිපතිවරණය කියන්නේ තරගයක්. විරුද්ධවාදියාගේ කකුල් කැඩීම අනුමත කරන්නේ නැහැ. තරග කරලයි දිනන්න ඕන. එහෙම දිනන අයයි වීරයෝ වෙන්නේ.” යනුවෙන් ඉන්ද්‍රනාථ තේනුවර මහතා කියා සිටියේය.

(Image – Sunday Observer)

Leave a Reply

Your email address will not be published.