අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය හමුවේ මේ වනවිට 17 හැවිරිදි තරුණියක් මියගොස් දරුවෙක් සහ තවත් පුද්ගලයෙක් අතුරුදන් වී තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ වර්ෂාවත් සමඟ රත්නපුර ඇල්ල දේවාලය අසල පස්කන්දක් නායයෑම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු එලෙස අතුරුදන්ව තිබූ බවය.
ඒ අනුව අතුරුදන් වූ 17 හැවිරිදි තරුණියකගේ සිරුර අද දහවල් හමුවූ අතර අනෙකුත් පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.
මේ අතර මහවැව කලුපිටිඔයේ පැති බැම්ම ගිලා බැසීම හේතුවෙන් ජල පහරට හසුව වයස අවුරුදු 10ක පිරිමි දරුවෙකු අතුරුදන්ව ඇත.
ඒ මහවැව, කුඩාවැව ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.