Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

හොරණට සංචරණ සීමා පනවන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු බල කරති

හොරණට සංචරණ සීමා පනවන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු බල කරති

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය බලධාරීන්ට පවසුවේ,කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යෑමත් සමග හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට සංචරණ සීමා පනවන ලෙසයි.

හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගම්මාන රැසකින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කළුතර දිස්ත්‍රික් ශාඛාවේ සභාපති පී.සී. සේනාරත්න මහතා සඳහන් කළේය.

“හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 50ක් ඉක්මවා කොවිඩ් රෝගය ආක්‍රමණය කරලා. වාර්තා වෙන ආසාදිතයින් ගණන අප්‍රේල් සිට අද දක්වා 500 ඉක්මවලා තියෙනවා. සේවකයින් 600, 700 වැඩ කරන කර්මාන්තශාලා මේ කොට්ඨාසයේ තියෙනවා.”

මේ අතර ඉන්දියන් කොවිඩ් ප්‍රභේදය ඇතුළු කොවිඩ් ප්‍රභේද 5ක් මෙරට තුළින් මේ වනවිට හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා
සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ ශ්‍රී ලාංකික කොවිඩ් ප්‍රභේදයට අමතරව දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් මෙම විදෙස් කොවිඩ් ප්‍රභේද හඳුනාගෙන ඇති බවය.

ඉන්දියන් කොවිඩ් ප්‍රභේදය සහිත රෝගියෙකු පළමු වරට දිවයිනෙන් හඳුනාගෙන ඇති බවද අද දිනයේ අනාවරණය වූ අතර අදාළ පුද්ගලයා විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටින පුද්ගලයෙකු බව සඳහන්ය.

ඉන්දියන් ප්‍රභේදයට අමතරව බ්‍රිතාන්‍ය ප්‍රභේදය, ඩෙන්මාර්ක් – යුරෝපා ප්‍රභේදය, නයිජීරියින් ප්‍රභේදය, දකුණු අප්‍රිකානු ප්‍රභේදය මෙරට තුළ පවතින බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය.

ඉන්දියන් ප්‍රභේදයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය ප්‍රභේදය මෙරට තුළ සීඝ්‍ර ව්‍යාප්තියක් පවතින බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *