හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට…

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි මහනුවරදී මාර්ග නීති කඩකිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, බීමතින් රිය පැදවීම සහ විදේශ දූත පිරිසකගේ මාර්ගය අවහිර කිරීම සහ පොලිස් අණ නොතකා රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් සුදේව අද පස්වරුවේ මහනුවරදී අත්අඩංගුවට ගත් බව ය.

පසුව ඔහු ඇප මත මුදා හැර ඇති බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *