හිටපු අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක අත්අඩංගුවට.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක අද අම්පාරේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බුද්ධි අංශයට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.

පණ්ඩු බණ්ඩාරනායක සතුව වටිනා අලි ගජමුතු දෙකක් ඇති බවත් ඒවා හොර රහසේ විකිණීමට උත්සාහ කරන බවත් බුද්ධි අංශයට දන්වා තිබිණි.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ අලි ගජමුතු අලෙවි කිරීමට උත්සාහ කළ තවත් සැකකරුවන් 5 දෙනෙකු ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා අම්පාර පොලිසියට භාරදී තිබෙනවා.

පණ්ඩු බණ්ඩාරනායක ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් මේ වනවිට අම්පාර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *