කොවිඞ් 19 වසංගතය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිතව මැතිවරණයක් පැවැත්වීම සඳහා ලබාදුන් සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවට අනුව එම කටයුතු සිදු කරන අයුරු අත්හදා බැලීම උදෙසා පුහුණු මැතිවරණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මෙම පුහුණු මැතිවරණය ලබන ඉරිදා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.
මේ අතර මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන මැතිවරණ කොමිසන් සභාවේ සාමාජික රැස්වීමේදී ගැනීමට නියමිතයි.