මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1797ක් දක්වා ඉහළට

ඊයේ (04) දිනයේ නව ආසාදිතයින් 48 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් වාර්තාවන කොවිඩ්-19 ආසාදිතයින් ගණන 1797ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ආසාධිතයින් අතරින් 42 ක් නාවික හමුදා සමාජිකයින් වන අතර ඔවුන් කන්දකාඩු, ඔලුවිල්, මිහින්තලේ, අලියකච්චි යන නිරොධායන මධ්‍යස්ථානවල නිරෝධායන වන පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුව සඳහන් කළේ. සෙසු ආසාදිතයින් පිරිස ඉන්දියාව, ඩුබායි සහ බංග්ලාදේශය යන රට වල සිට දිවයිනට පැමිණ ඇති බවද වැඩි දුරටත් වාර්තා වුණා.

ඒ අනුව මේ වන විට ආසාදිතයින් 947 දෙනෙකු රෝහල් ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර පුර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් ඇති ගනණ 839ක්.

මේ වනවිට මෙරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 11 ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *