සිවාජිලිංගම් – මහීපාල සහ හිස්බුල්ලාත් ඇප බදිති

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා, උතුරු පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මෙන්ම සබරගමුව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමේ අරමුණින් අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර ඇතැයි වාර්තා වේ.

මෙවර ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින් 41 දෙනෙකු මේ වනවිටත් ඇප මුදල් තැන්පත් කර ඇති අතර එය මෙතෙක් ඉතිහාසයේ ජනපතිවරණයක් සදහා ඉදිරිපත්වන වැඩිම අපේක්ෂක සංඛ්‍යාව ලෙස සැලකේ.

මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ පිළිගත් දේශපාලනපක්ෂ 19කින්, ස්වාධීන කණ්ඩායම් 19කින් සහ වෙනත් පක්ෂ 03කින් අපේක්ෂකයින් ඇප තැන්පත් කර ඇති බවයි.

ජනාධිපතිවරණයටඅදාළ ඇප මුදල් තැන්පත් කිරීම සදහා පසුගිය මස 19 වැනිදා සිට අද දහවල් 12.00 දක්වා අවස්ථාව ලබා දී තිබුණි. නාම යෝජනා බාර ගැනීම හෙට(7) රාජගිරිය මැතිවරණ කොමිසමේදී සිදුකිරීමට නියමිතය.

(Image – Ada Derana)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *