ස්විස් තානාපති කාර්යාල සේවිකාව ගැන හොඳටම දන්නා කෙනා ගැන ගුණදාස අමරසේකර කියයි

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියක් පැහැරගෙන ගිය බව කියන සිද්ධිය පිළිබඳව බොහෝ තොරතුරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න දන්නා බව ඔහුගේ ප‍්‍රකාශ වලින් හෙළිවන බැවින් පොලිසිය වහා ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කරගත යුතුයැයි ජාතික සංවිධාන එකමුතුවේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඔහු මේ සිද්ධිය ගැන මේ තරම් තොරතුරු දැන දැනත් මෙසේ වසන් කරගෙන සිටීම අපරාධයකැයි ද ජාතික සංවිධාන එකමුතුවට නම් මේ සිද්ධිය පෙනෙන්නේ නාටකයක් ලෙසින් යැයි ද ජනාධිපතිවරයා හෝ රජය අපකිර්තියට පත්කිරීමේ ජාත්‍යන්තර නාටකයක් බව මෙය පැහැදිලි යැයි ද අමරසේකර මහතා කියා සිටියේය. ලබන මාර්තු මාසයේ දී ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේ දී ඔවුන්ගේ චෝදනා සනාථ කිරීමට මෙම උගුල් අටවන්නේ යැයි ද ඔහු පැවසීය.

අද(3) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ගුණදාස අමරසේකර මහතා මෙසේ කියා සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *