සහල් මිල ගණන් නියම කරමින් ගැසට් නිවේදනය නිකුත්වේ

සහල් සඳහා වන උපරිම මිල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (28) නිකුත් කෙරුණා. එම නිවේදනයට අනුව සහල් කිලෝවක උපරිම මිල දැක්වෙන්නේ පහත ආකාරයටයි,

  • රතු හෝ සුදු කැකුළු කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 93ක්,
  • සුදු හෝ රතු නාඩු සහල් කිලෝ ග්‍රෑම් 01ක රුපියල් 96ක්,
  • සුදු හෝ රතු කැකුළු සම්බා සහ සම්බා කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 98ක්,
  • කිරී සම්බා කිලෝ ග්‍රෑම් 01ක උපරිම මිල රුපියල් 120ක් ලෙසත්ය.

නියම කර ඇති උපරිම මිල ඉක්මවා කිසිවෙකු හෝ සහල් අලෙවි කිරීම සිදු නොකල යුතු බවයි එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

රජය පවසන්නේ සහල් සඳහා වන උපරිම මිල මෙලෙස සංශෝධනය කරනු ලැබුවේ හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට සහල් මිලදී ගැනීම සඳහා අවස්ථාව ලබාදීමට බවටයි. එමෙන්ම පාර්ශව ගණනාවක් සමග කළ සාකච්ජාවකින් පසු මෙම මිල සංශෝධනය සිදු කළ බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *