එජාපය සහ සමගි ජන බලවේගය මත ගැටුමක

වෙනත් පක්ෂයක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය කිසිඳු අවසරයක් ලබා දී නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ වගන්ති 3.4 වගන්තියට අනුව කිසිම සාමාජිකයකු විසින් කෘත්‍යාදිකාරී මණ්ඩලයේ පූර්ව අනුමැතිය නොමැතිව වෙනත් දේශපාලන පක්ෂයක හෝ සන්ධානයක නාමයෝජනා ලැයිස්තුවක අපේක්ෂකයෙක් ලෙස නම ඇතුලත් කළ නොහැකි බවයි.

ඒ අනුව කිසිඳු සාමාජිකයකුට අවසරයකින් තොරව වෙනත් පක්ෂක සාමාජිකත්වය ගත නොහැකි බවත්, වෙනත් පක්ෂකය සාමාජිකත්වය ගැනිම තුළින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අවසන් වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අනුමැතිය ඇති ව සමඟි ජන බලවේගය පක්ෂය පිහිට වූ බව සමගි ජන බලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඊයේ (28) පැවැසීය.

එම පක්ෂයේ නායකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට තිරණය කළ බව පැවසූ ඒ මහතා මැතිවරණයට තරග කිරිමට අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමටද තීරණය කළ බව ද කියා සිටියා.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී පිහිටුවන ලද නව පක්ෂයේ ලේකම්වරයා ලෙස තමන් කැමති අයකු පත් කර ගැනීමට ද අනුමැතිය හිමි වූ බව පෙන්වා දෙන ඒ මහතා මේ වන විට එක්සත් ජාතික පක්ෂය නාමය බෝඩ් ලෑල්ලට පමණක් සීමා වී ඇති බවත් පැවැසීය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබලවේගයේ ඉහළ පෙළේ සාකච්ඡා දෙකක් අද (29) පැවැත්වෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත මුලස්ථානයේදී රැස්වීමට නියමිත අතර, සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුල්කෝට්ටේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *