සමාජ මාධ්‍ය හරහා මඩ ප්‍රචාර කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැරසෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රහාර එල්ල කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

මේ වන විට පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පක්ෂයේ නීතීඥයින් වෙත වාර්තා කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් පොදු ජනතාව අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට එරෙහිව මඩ ප්‍රහාර එල්ල කරන සංවිධානාත්මක කණ්ඩායම් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *