සමගි ජන බලවේගයේ නාමයෝජනා පිළිබඳ පෙත්සම නිෂ්ප්‍රභා කෙරේ

හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය එළඹෙන මහමැතිවරණයට ඉදිරිපත් කළ නාමයෝජනා අහෝසි කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප‍්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ  (09) නියෝග කළා.

අදාළ පෙත්සම එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ති‍්‍රක් අපේක්ෂකයෙකු වන ඕෂල හේරත් විසින් ගොනු කර තිබුණා.

එම පෙත්සම බුවනෙක අලූ‍විහාරේ, එල්.ටි.බී. දෙහිදෙණිය සහ පී‍්‍රති පද්මන් සූරසේන යන ති‍්‍රපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප‍්‍රභා කිරීමට නියෝග කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *