Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

සජිත්ගේ බලාපෙරොත්තු සුන්වෙයි : අගමැති ජනපති වෙන්න දඟලයි

සජිත්ගේ බලාපෙරොත්තු සුන්වෙයි : අගමැති ජනපති වෙන්න දඟලයි

එළඹෙන ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තමා ඉදිරිපත්වීමට අදහස් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතිකපක්ෂ ජ්‍යේෂඨයින් සමඟ ඊයේ(6) පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරඇත.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්විමට තමාට ද අයිතියක් ඇති බවයි. තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරයකගේ ද එකඟත්වය පළ කර ඇති බවද ඔහු එම සාකච්ඡාවේදී කියා ඇත.

ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමාගේ රැස්වීම් මාලාව හම්බන්තොටින් ආරම්භ කිරීමට සූදානම් බව එහිදී ප්‍රකාශ කර ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්විමේ තීරණය වෙනස්නොකරන බව ද ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත්එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් එළඹෙන ඉරිදා(8)  පැවැත්වෙන බව හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි.

අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූවහොත් සජිත් ප්‍රේමදාසමහතා නව පක්ෂයකින් හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බව හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

(Image – Sri Lanka mirror)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *