ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග දිනයන් ගැන නිවේදනයක්

2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා මේ වනවිටත් නිවේදනය කර ඇති දින පිළිබඳව තවදුරටත් සලකා බලා නියමිත දින ඉදිරියේ දී දැනුම්දීමට කටයුතු කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

පසුගිය ජූලි 9 වන දා අධ්‍යාපන ලේකම්වරයා නිවේදනය කර සිටියේ, 2021 වර්ෂයේ 5 වසරේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 3 වන දිනත් උසස් පෙළ විභාග ඔක්තෝබර් මස 4 වන දිනත් පවත්වන බවය.

කෙසේනමුත් ඊට පසුදින අධ්‍යාපන අමාත්‍යවරයා පවසා සිටියේ, අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධව මත දෙකක් මතුව ඇති බවය.

තාක්ෂණික උපදෙස්වලින් අනතුරුව නම්‍යශීලී සහ වඩාත් ප්‍රායෝගික තීන්දුවක් ගත යුතු බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *