Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

ශ්‍රී ලංකා කාන්තා රග්බි නායිකාව දකුණු කොරියාවේදී අතුරුදන්වී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා කාන්තා රග්බි නායිකාව දකුණු කොරියාවේදී අතුරුදන්වී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා දුලානි පල්ලිකොන්දගේ දකුණු කොරියාවේදී අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

ඩේලි නිවුස් පුවත්පතට අනුව ඊයේ දකුණු කොරියාවේ ඉන්චියොන්හිදී අවසන් වූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරෙන් පසු දුලානි පල්ලිකොන්දගේ අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

ඇය අවසන් වරට හමුවූයේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහ පිලිපීනය අතර තුන්වන ස්ථානය සඳහා පැවති තරඟයේදී බව සඳහන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරංචි මාර්ග සඳහන් කළේ ඉන් අනතුරුව ඇය අතුරුදන්ව ඇති බවයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ කළමනාකාරිනී වෛද්‍ය සමන්තා නානායක්කාර දුලානි සම්බන්ධ කර ගැනීමට අසාර්ථක උත්සාහයන් කිහිපයක් ගත් බව පැවසේ.

ලන්ඩනයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලත් සමඟ මේ වසරේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ.

බර්මින්හැම් හි ශ්‍රී ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සංචිතයේ සාමාජිකයින් දස දෙනෙකු අගෝස්තු මාසයේදී අතුරුදහන් වූ බව වාර්තා විය. මෙම කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකුගෙන් සහ කළමනාකරුවෙකුගෙන් සමන්විත විය.

ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායමේ සාමාජිකාවක් වන දුලානි පල්ලිකොන්දගේ ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලක් අතරතුර අතුරුදන් වූ නවතම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *