Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවේ ජාතික සදාචාර සතිය 2026 ආරම්භ කෙරේ

ශ්‍රී ලංකාවේ ජාතික සදාචාර සතිය 2026 ආරම්භ කෙරේ

“අඛණ්ඩ සදාචාර සංස්කෘතියක් – පිරිසිදු ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කළ ජාතික සදාචාර සතිය ජූලි 27 ශ්‍රී ලංකාවේදී ආරම්භ කෙරිණි.

ජූලි 27 සිට 31 දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන පෙරවරු 9.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ දිවයින පුරා සියලුම රාජ්‍ය ආයතනවල ජාතික සදාචාර ප්‍රතිඥාව ලබාදීම සහ නව ආචාර ධර්ම සංග්‍රහයක් හඳුන්වාදීම සමඟින් නිල වශයෙන් ආරම්භ විය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතාගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛයකට අනුව මෙම වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලය සහ “පිරිසිදු ශ්‍රී ලංකා” වැඩසටහන එක්ව ක්‍රියාත්මක කරනු ලබයි.

රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයෙන් තොර පාලන පද්ධතියක් ගොඩනැගීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.

ජාතික සදාචාර සතියේ දිනපතා වැඩසටහන් පහත තේමාවන් යටතේ සංවිධානය කර ඇත.

ජූලි 27 – ආයතනික සදාචාරය ප්‍රවර්ධනය කිරීම
ජූලි 28 – මූල්‍ය, ඩිජිටල්, ව්‍යවසායකත්ව සහ තාක්ෂණික සදාචාරය ප්‍රවර්ධනය කිරීම
ජූලි 29 – ආධ්‍යාත්මික, සදාචාරාත්මක, සංස්කෘතික සහ සමාජ සදාචාරය ප්‍රවර්ධනය කිරීම
ජූලි 30 – මෙහෙයුම්, යටිතල පහසුකම්, සේවා සැපයීම සහ කම්කරු සදාචාරය ප්‍රවර්ධනය කිරීම
ජූලි 31 – පාරිසරික, සම්පත් කළමනාකරණ, ග්‍රාමීය සහ ප්‍රජා සවිබල ගැන්වීමේ සදාචාරය ප්‍රවර්ධනය කිරීම

ජනාධිපති ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ සෑම රාජ්‍ය ආයතනයකම අභ්‍යන්තර කටයුතු ඒකක හරහා දූෂණ, අක්‍රමිකතා හෝ පරිපාලන දුර්වලතා සම්බන්ධ මහජන පැමිණිලි භාර ගැනීමට කටයුතු යොදා ඇත.

එම පැමිණිලි QR කේත, විද්‍යුත් තැපෑල, තැපැල් සේවා, දුරකථන හෝ වෙබ් පණිවිඩ වේදිකා හරහා ඉදිරිපත් කළ හැකිය.

ආයතන ප්‍රධානීන් විසින් එම පැමිණිලි සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ ඩිජිටල් අධීක්ෂණ පද්ධතියක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජූලි 31 වන දින ජාතික සදාචාර සතිය අවසන් වුවද, මෙම වැඩසටහන 2026 දෙසැම්බර් 31 දක්වා සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *