ශ්‍රී ලංකාවේ උපාධි අපේක්ෂකයින්ට එක්සත් ජනපදයේ ශිෂ්‍යත්ව අධ්‍යයනය සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථා…

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යාපනික හා සංස්කෘතික කටයුතු කාර්යාංශය විදේශීය උපාධි අපේක්ෂකයින් සඳහා වන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇත.

එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමට කැමති ශ්‍රී ලාංකික උපාධි අපේක්ෂකයින්ට ‘Global UGRAD 2023’ සඳහා ඉල්ලුම් කළ හැකි බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කළේය.

2022 දෙසැම්බර් 15 වනදා දක්වා අයදුම්පත් භාර ගන්නා බව එක්සත් ජනපද තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

වැඩි විස්තර සඳහා කරුණාකර පහත වෙබ් අඩවියට පිවිසෙන්න: https://www.worldlearning.org/program/global-undergraduate-exchange-program/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *