ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අත්අඩංගුවට

එයාර්බස් ගුවන් යානා ප්‍රසම්පාදන ගනුදෙනුවට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා චන්ද්‍රසේන මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණි අතර, විමර්ශන නිලධාරීන් සමඟ දීර්ඝ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *