Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

වූහාන්හි සිටි ලාංකික සිසුන් මත්තල ගුවන්තොටින් ශ්‍රී ලංකාවට

වූහාන්හි සිටි ලාංකික සිසුන් මත්තල ගුවන්තොටින් ශ්‍රී ලංකාවට

නවල් කොරෝනා වෛරසය ඇතිවූ චීනයේ වුහාන් නගරයේ රැඳී සිටින ශ්‍රී ලාංකික  සිසුන් මෙරටට රැගෙන ඒම සඳහා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානය තවත් සුළු මොහොතකින් මත්තල ගුවන්තොටුපොළට පැමිණිමට නියමිතව ඇතැයි වාර්තා වේ.

වූහාන්හි රැදී සිටි ශ්‍රි ලාංකික සිසුන් 33 දෙනා ද රැගෙන ඒම සඳහා ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 1422 දරණ විශේෂ ගුවන් යානයන  ඊයේ (31) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි. එම ගුවන් යානය ඊයේ රාත්‍රී 09.20ට පමණ  වුහාන් ගුවන්තොටුපෙළ වෙත ගොඩබස්වනු ලැබීය.

පසුව එම ගුවන් යානය එහි සිටි ශ්‍රී ලාංකික සිසුන් ද රැගෙන වූහාන් ගුවන්තොටුපොළෙන් ඊයේ රාත්‍රීයේ ශ්‍රී ලංකාව බලා පිටත්ව තිබුණි. මෙරටට පැමිණෙන සිසුන් දියතලාව යුද හමුදා රෝහලට ඇතුළත් කිරිමට නියමිත අතර එහි සති දෙකක පමණ කාලක් එහි රදවා තැබිමට නියමිතයි. සිසුන් රැගෙන යාම සඳහාම විශේෂිත බස් රථයක් යොදවා ඇති අතර මත්තල සිට ඔවුන් කිසිදු ස්ථානයක නතර නොකර දියතලාව යුද හමුදා රෝහලට ඇතුළත් කිරීමට නියමිත අතර එම බස් රථය තුළම වැසිකිළි පහසුකම් පවා සකස් කොට ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *