විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ බත්තරමුල්ලේ පිහිටි සිය ප්‍රධාන කාර්යාලයේ සහ දිවයින පුරා පිහිටි සියලුම ප්‍රාදේශීය කාර්යාලවල විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බවයි.

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළව එහි පරිගණක පද්ධතියේ ඇති වූ බිඳවැටීමක් හේතුවෙන් මෙම අත්හිටුවීමට සිදුව ඇති බව එහි සඳහන්.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු අයදුම්පත් භාර නොගන්නා බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *