Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා වන ක්‍රියා පිළිවෙත සංශෝධනය කෙරේ

විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා වන ක්‍රියා පිළිවෙත සංශෝධනය කෙරේ

ආර්ථික පුනර්ජීවනය හා දිළිඳුකම පිටුදැකීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය එකඟ වූ පරිදි, විදේශ අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එළැඹුණු ඒකාබද්ධ තීරණය මත පදනම්ව 2020 මාර්තු මාසයේ සිට හඳුන්වා දුන් ශ්‍රී ලංකාවට විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා වන ක්‍රියා පටිපාටිය පහත පරිදි සංශෝධනය ලක් කර තිබෙනවා.

ඒ අනුව පහත දැක්වෙන  ක්‍රියා පටිපාටිය දෙසැම්බර් 26 වැනි දින සිට ක්‍රියාත්මක වේ.

1. ශ්‍රී ලංකා රජය (විදේශ අමාත්‍යාංශය සහ කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය (NOCPCO)) විසින් විදේශවල ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සම්බන්ධීකරණයෙන්  යුතුව සංක්‍රමණික ශ්‍රමිකයන්, සිසුන්, රෝගීන්, කෙටිකාලීන වීසා බලපත්‍ර ලාභීන්, රජයේ සහ හමුදා නිලධාරීන්ට රජයේ නිරෝධායන පහසුකම් සඳහා විශේෂ සියරට පැමිණවීමේ ගුවන් ගමන් සංවිධානය කරනු ඇත.

2.   i. කෙසේ වෙතත්, ශ්‍රී ලාංකිකයන් හෝ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති විදේශිකයන් (ද්විත්ව පුරවැසිභාවය දරන්නන්) හට නම් කරන ලද හෝටලයක දී මුදල් ගෙවා නිරෝධායනය වීමට අනුකූලව, කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ  එකඟතාවය/උපදේශනය මත පදනම්ව, සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් තීරණය කරනු  ලබන එක් ගුවන් ගමනක් සඳහා වන මගීන්ගේ සීමාවට යටත්ව, විදේශ ලේකම් (හෝ) සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතියකින් තොරව ඕනෑම වාණිජ/සියරට පැමිණවීම සඳහා වෙන් නොවූ ගුවන්ගමනකින් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා  අවසර දෙනු ලැබේ.

ii. ඉහත විධිවිධානය යටතේ ගුවන් යානයට නැඟීමට අවසර දෙනු ලබන මගීන් මුදල් ගෙවා නිරෝධායනය වීම දැඩි ලෙස පිළිපදින බවට සහතික කිරීම අදාළ ගුවන් සමාගමේ සම්පූර්ණ වගකීම වේ.

නව මාර්ගෝපදේශ පිළිබඳව සිදු කෙරෙන වැඩිදුර ඇගයීම් මත පදනම්ව, ශ්‍රී ලංකාවට පැමිණෙන මඟීන් සඳහා වන ක්‍රියා පිළිවෙත සංශෝධනය කිරීම සමාලෝචනයට භාජනය වනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටින්නේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *