විදෙස් ගතවී සිටින ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේදී සිසුන්ට ප්‍රමුඛතාව

කොවිඩ් වසංගත තත්වය මත මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශයන්හි රැඳී සිටින පිරිස් අතරින් ප්‍රමුඛතාව හිමිවන්නේ සිසුන් සදහා බවත්, සිසුන් ගෙන්වා ගැනීමෙන් පසු අදාළ සේවකයන් නැවත මෙරටට ගෙන්වා ගන්නා බවත් විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවැසීය.

එක්සත් ජනපදය, බෙලරුස් සහ පිලිපීනය යන රටවලින් ශ්‍රී ලාංකික සිසුන් 400කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බවද ඔහු පැවසීය.

“දැනට අපි සිසුන්ට ප්‍රමුඛත්වය දෙනවා. තාවකාලික වීසා බලපත්‍ර මත විදේශගත වූ අයව ඊළඟට ගෙන එනවා. ඉන්පසු අපි ගර්භණී කාන්තාවන්, රැකියා අහිමි වූවන් සහ ප්‍රමුඛතා පදනමින් රැකියා සඳහා ගිය සේවකයන් ගෙන්වා ගැනීම සිදු කරනවා” යැයි අද්මිරාල් කොළඹගේ මහතා වැඩිදුරටත් පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *