පිට කොන්දේ සහ බෙල්ලේ ආබාධයක් හේතුවෙන් වනිඳු හසරංග යළි ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට පිට කොන්දේ සහ බෙල්ලේ තදවීමක් සහ මාංශ පේශිවල කැක්කුම් ඇතිවීම හේතුවෙන් මේ වන විට පැවැත්වෙන එංගලන්ත තරගාවලියෙන් ඉවත් වී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

මෙම ආබාධ තත්ත්වය හේතුවෙන් හසරංගට එංගලන්තයට එරෙහි පළමු එක්දින තරගයද අහිමි වූ අතර, ඔහු වෙනුවට සචින්දු කොළඹගේ කණ්ඩායමට එක්වී සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළේය.

එම තරගයේදී කොළඹගේ දැක්වූ දක්ෂ ක්‍රීඩා විලාසයද සැලකිල්ලට ගනිමින්, හසරංගව එංගලන්ත තරගාවලියේ ඉතිරි තරග සඳහා අවදානමකට ලක් නොකිරීමට කණ්ඩායම් කළමනාකාරිත්වය සහ තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, හසරංගගේ ආබාධ තත්ත්වය කෙතරම් බරපතළද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත.

ඒ අනුව හසරංග යළි ශ්‍රී ලංකාවට පැමිණ පිට කොන්දේ සහ බෙල්ලේ ආබාධයට අවශ්‍ය ප්‍රතිකාර ලබාගෙන විවේක ගැනීමට නියමිතය.

ඔක්තෝබර් මාසයේදී පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත ඉදිරි තරගාවලිය සඳහා සූදානම් වීමද ඔහුගේ අරමුණ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *